හරිත ලොවක් උදෙසා වන කාලෝචිත පාරිසරික කතිකාවක් සඳහා කැප වුණු ”සදාහරිත” පාරිසරික සංග‍්‍රහය මේ වන විට ප‍්‍රකාශයට පත් වී ඇත.අද මේ මොහොතේ අත්‍යවශ්‍ය පාරිසරික ඥානය පතළ කිරීමෙන් අනාගත ලෝකයට අවශ්‍ය පාරිසරික විඥානය හා දුරදර්ශී භාවය ගොඩනැංවීම ''සදාහරිත'' සඟරාවේ ප‍්‍රධාන අපේක්ෂාව යි. සොබාදහම හා ජීව ලෝකය පිළිබඳ සියුම් පාරිසරික දැක්මක් සහිත ''සදාහරිත'' ශ‍්‍රී ලංකා සොබා සාමූහිකයේ හරිත නිර්මාණ පියසේ ප‍්‍රකාශනයකි.
ශ‍්‍රී ලංකා සොබා සාමූහිකය යනු උදාර පරිසර සංරක්ෂණ අරමුණු වෙනුවෙන් කැපවෙන ආයතන කිහිපයක එකමුතුවෙන් සැදුණු ක‍්‍රියාකාරී සංවිධානයකි. පරිසර සංරක්ෂණ භාරය, සත්‍ය සොබා සංරක්ෂණය, ග‍්‍රීන් සිටිසන් පදනම, ශ‍්‍රී සර්ට් ආයතනය, ස්මෝල් වර්ල්ඞ් ආයතනය, නිවර්තනික අධ්‍යයන හා සංරක්ෂණ ආයතනය, සුගොධිනි පදනම, සොබාදහම පිළිබ`ද කි‍්‍රයාකාරී බෞද්ධ සහායෝ ගීතාවය යනුවෙන් හැඳින්වෙන ආයතනවලින් ශ‍්‍රී ලංකා සොබා සාමූහිකය සමන්විතය. එහි ප‍්‍රකාශන කටයුතු සිදු කෙරෙනුයේ හරිත නිර්මාණ පියස මඟිනි.
සදාහරිත - අරමුණු
සාමාන්‍ය ජන ජීවිතයට මෙන් ම සියලූ පාසල් හා විශ්වවිද්‍යාලයීය මට්ටම් කරා පාරිසරික දැනුම ගෙන යෑමේ මාධ්‍යයක් ලෙස ''සදාහරිත'' ප‍්‍රකාශයට පත් වෙයි. මීට පෙරාතුව විවිධ පාරිසරික ආයතන මඟින් එළි දැක්වුණු සීමිත පාරිසරික දැනුම් ක්ෂේත‍්‍ර ඉක්මවා ''සදාහරිත'' පුළුල් හදිසි හා අත්‍යවශ්‍ය පාරිසරික විෂය පරාසයක් වෙත යොමු වෙයි. නවීන පර්යේෂණාත්මක දැනුම පරිසර සංරක්ෂණය වෙනුවෙන් භාවිත කිරීමේ ක‍්‍රමෝපායයන් ද, ප‍්‍රතිපත්ති තීරකයන්වෙත එකී දැනුම ගෙන යෑමේ ප‍්‍රබල මාර්ග පාදා ගැනීම පිණිස ද අප සඟරාව කැප වෙයි.එසේ ම ජාතික හා අන්තර්ජාතික පාරිසරික දැනුම ප‍්‍රජාව වෙත ගෙන යෑමේ හා එකී පර්යේෂණාත්මක ඥානය සමාජගත කිරීමේ කාර්ය භාරයට ද ''සදාහරිත'' කැප වෙයි. තව ද විවිධ පාරිසරික ප‍්‍රශ්න හා ගැටලූ පිළිබඳ ව ද ඒවා පිටුදැකීම පිණිස ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව ''සදාහරිත'' සඟරාවට විෂය වෙයි. හරිත මිතුරු තාක්ෂණය ප‍්‍රචාරණය කිරීමත්, හරිත මිතුරු නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීමත් අප සඟරාවේ ප‍්‍රමුඛ අරමුණු අතර වෙයි.
සදාහරිත - බෙදා හැරීමේ ජාලය
මාසික සගරාවක්වන ''සදාහරිත'' පිටු 48 කින් සමන්විත ය. මිල රුපියල් 100 ක් වන ''සදාහරිත'' සඟරාවේ පිටපත්පන්දහසක් මුද්‍රණය කොට ඇති අතර,දිවයින පුරා දිස්ත‍්‍රික්ක 20 ක තෝරාගත් පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත්අධ්‍යාපනික ආයතන, ප‍්‍රජා සංවර්ධන ආයතන, ග‍්‍රාමීය පුස්තකාල හා විවිධ ආයතන කරා යොමු කිරීමේ යන්ත‍්‍රණයක් දැන් ක‍්‍රියාත්මක යි. පාසල් සඳහා පමණක් ''සදාහරිත'' නොමිලේ බෙදා හැරීමට දැනටමත් කටයුතු යොදා ඇත. ඒ සඳහා ඔබේ දායකත්වය අපට අවශ්‍ය ය.
සදාහරිත පාරිසරික සගරාවේ පසුගිය කලාපවල පිටපත් අප ආයතනයේ ප‍්‍රධාන කාර්යාලයෙන් මිල දී ගත හැකි ය. සදාහරිත පාරිසරික සගරාව ලංකාව පුරා පිහිටි සරසවි හා විජිත යාපා පොත් වෙළෙදසැල් වලින් මිල දී ගත හැකි ය. මීට අමතර ව ශී‍්‍ර ලංකා වනජීවී භාරයේ අළෙවි මධ්‍යස්ථාන වලින් රුහුණු ජාතික වනෝද්‍යානය, හික්ඩුව ජාතික වනෝද්‍යානය, ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය,රන්දෙණිගල වනජීවී පුහුණු කේන්ද්‍රය, මදුනාගල උණුවතුර ළිං අසල පරිසර අළෙවි සැල හා පිටකෝට්ටේ ප‍්‍රධාන කාර්යාලයේ අළෙවි සැල සහ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් හා සම්බුද්ධත්වජයන්ති මන්දිරයෙන් මිල දී ගත හැකි ය.
සදාහරිත
”හරිත පියස”
අංක - 546/3,
වට මාවතල ගංගොඩවිල,
නුගේගොඩ.
දුරකතනය හා ෆැක්ස් - 011 2803139
විද්‍යුත් තැපෑල sadaharitha2011@gmail.com
Lucky Club Casino Site - Casino Review
ReplyDeleteLucky Club Casino Review and Rating. Lucky Club Casino provides you with a casino site that is fully automated and offers its players with great customer Rating: 7/10 · Review by luckyclub LuckyClub.live